හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත සමාජ ක්රියාකාරී පියත් නිශේල සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජේ. ශ්රී රංග ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු නඩුවෙන් නිදහස් කර තිබේ. 2022 මැයි 09 වැනිදා අරගල සමයේ සිදුවූ මෙම සිදුවීමට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.මෙම නඩුවට සම්බන්ධ සැකකරුවන් 29 දෙනාටම පනවා තිබූ විදේශ ගමන් තහනමද අධිකරණය විසින් ඉවත් කර තිබේ. නිදහස ලැබීමෙන් අනතුරුව අදහස් දැක්වූ පියත් නිශේල සඳහන් කළේ දීර්ඝ කාලීන නඩු විභාගයකින් පසු තමාට නිදහස ලැබීම ගැන සතුටු වන බවයි.


























