ඩොලර් මිලියන 2.5ක මූල්‍ය අක්‍රමිකතාව සෙවීමට විපක්ෂ නායක විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් ඉල්ලයි

මහා භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශ්වයක ගිණුමකට බැරවීමේ බරපතල සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් දියත් කිරීමට වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි. අද (25) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු අවධාරණය කළේ, අදාළ කාරක සභාවේ සභාපතිත්වය සහ බහුතර බලය විපක්ෂය වෙත ලබාදිය යුතු බවයි. මෙම මහා පරිමාණ මූල්‍ය අස්ථානගතවීම පිළිබඳ තොරතුරු රජය විසින් පාර්ලිමේන්තුවෙන් සහ මහජනතාවගෙන් සඟවා ඇති බවට ද හෙතෙම මෙහිදී චෝදනා එල්ල කළේය.​සිද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලබන අභ්‍යන්තර පරීක්ෂණ පක්ෂග්‍රාහී විය හැකි බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, වැරැද්දේ වගකීම නිලධාරීන් මත පමණක් පටවා රජය නිදහස් වීමට උත්සාහ නොකළ යුතු බව ප්‍රකාශ කළේය. මෙවැනි දැවැන්ත මුදලක් අහිමිවීම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වන බැවින්, විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් හරහා සත්‍ය තොරතුරු අනාවරණය කරගැනීම අත්‍යවශ්‍ය බව ඔහුගේ අදහසයි. රජය මේ සම්බන්ධයෙන් වගකීම භාරගත යුතු බවත්, හැකර්වරුන් සම්බන්ධ බව පැවසෙන මෙම සිදුවීමේ සුලමුල වහා හෙළිකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,112

Leave A Reply

Your email address will not be published. Required fields are marked *