තංගල්ලෙන් හෙරොයින් කිලෝ දෙකකට අධික ප්‍රමාණයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

බස්නාහිර පළාත් උතුර අපරාධ අංශයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදු කළ වැටලීමකදී, තංගල්ල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ වයස අවුරුදු 18 ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තංගල්ල පොලිසිය වෙත භාර දී තිබේ.​අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත, තංගල්ල පලපොත ප්‍රදේශයේ නිවසක් පිටුපස සඟවා තිබූ කිසිදු හිමිකරුවෙකු නොමැති හෙරොයින් කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 842 ක තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 1,352

Leave A Reply

Your email address will not be published. Required fields are marked *