රජයේ ජාතික අපනයන ඉලක්ක ජයගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ‘තේ ගම්මාන 500’ ව්‍යාපෘතියට සමගාමීව, බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා තේ වතු හිමියන් දැනුවත් කිරීමේ සහ ආධාර ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් පවත්වා ඇත. නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන හරහා ප්‍රදේශයේ වැවිලිකරුවන් නගාසිටුවීමට අවශ්‍ය මඟපෙන්වීම් ලබා දී තිබේ.වසර 2030 වන විට මෙරට නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400ක් දක්වා ඉහළ නංවා ගනිමින්, තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක් දක්වා වැඩි කර ගැනීම රජයේ මූලික අපේක්ෂාව වී ඇත. එම දැවැන්ත ඉලක්කය කරා ළඟාවීම සඳහා මෙම විශේෂ ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.නවීන තාක්ෂණය කුඩා තේවතු හිමියන් වෙත හඳුන්වා දීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීම මෙමඟින් සිදු කෙරේ. ඒ හරහා නිෂ්පාදන ධාරිතාව මෙන්ම ගුණාත්මක තේ අස්වැන්නක් ලබා ගැනීමටත්, ජාතික ආර්ථිකයට තේ කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

























