මීගමුව අනතුරින් පසු කන්ටේනරයට ගිනි තැබූ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

​මීගමුව – මිනුවන්ගොඩ මාර්ගයේ බොලවලාන ප්‍රදේශයේදී මඟ හරහා හරවමින් තිබූ කන්ටේනර් රථයක යතුරුපැදි යුගලක් ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මීගමුව දෙසට අධික වේගයෙන් ධාවනය වූ මෙම යතුරුපැදිවල ගමන් කළ වයස අවුරුදු 18 සහ 20 පසුවූ දාගොන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙලෙස මියගොස් තිබේ.​මෙම අනතුරත් සමඟ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ අදාළ කන්ටේනර් රථයට ගිනි තබා අලාභ හානි සිදු කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස කොටුවී ඇත්තේ අවුරුදු 20, 25 සහ 26 යන වයස්වල පසුවන මීගමුව දාගොන්න හා කිඹුලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.​සිද්ධිය වූ ස්ථානය අසල අතහැර දමා ගොස් තිබූ තවත් යතුරුපැදියක්ද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ. අනතුරට අදාළව අවට සීසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කරමින්, කන්ටේනර් රථයට අනර්ථය සිදු කිරීමට සම්බන්ධ සෙසු සැකකරුවන් ද නීතියේ රැහැනට හමාකර ගැනීම සඳහා පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

1 of 1,263

Leave A Reply

Your email address will not be published. Required fields are marked *