නිරිත දිග මෝසම් දේශගුණික තත්ත්වය සක්‍රිය වීම හේතුවෙන් ඉදිරි දිනවලදී ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.මේ අතර බස්නාහිර, සබරගමුව, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත. මීට අමතරව ඌව පළාත, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි අතර, අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා තරමක වැසි සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ඇතුළු උතුරු, උතුරු-මැද, වයඹ, දකුණ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් හමන තද සුළං ඇති විය හැක. එබැවින් ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළංවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වා සිටියි.



























