කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ අද දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ කැපී පෙනෙන වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වීමට ඉඩ ඇත.මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවටද අනතුරු අඟවා තිබේ. තවද, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 ත් 60 ත් අතර අගයකට වැඩි විය හැකි බැවින් එම ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.



























