දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද (04) පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු-මැද, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100කට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,270

Leave A Reply

Your email address will not be published. Required fields are marked *