බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත් ඇතුළත්ව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ද වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු, වයඹ සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය ඉහළ යා හැකියි. ඒ අනුව එම ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් යුත් තද සුළං හැමීමේ හැකියාවක් පවතින බව ද දන්වා ඇත.



























