දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද දිනයේ වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍යයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතියි.​උතුරු සහ උතුරු-මැද පළාත්වල මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර ප්‍රබල සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ අංශ පෙන්වා දෙයි.​ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දන්වා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,247

Leave A Reply

Your email address will not be published. Required fields are marked *