කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ සබරගමුව පළාත මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැකි බවයි. ඊට අමතරව, බස්නාහිර සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකිය.දිවා කාලයේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් සඳහන් වන්නේ, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිවු දිස්ත්‍රික්කයේ ද ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවයි.ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු උවදුරු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැන්වීමක් කර තිබේ.



























