පස්වරු 2.00 න් පසු ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී.මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වාර්තා විය හැකි බව සඳහන් වේ.ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං තත්ත්වයන් සහ අකුණු අනතුරු මඟින් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.



























