දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ සැඩ සුළං

දිවයිනේ පළාත් කිහිපයකට අද (07) දිනයේ වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පවා ඇතිවීමේ හැකියාවක් පවතී.​මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු-මැද පළාත් මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් තද සුළං හැමීමේ ප්‍රවණතාවක් ඇත. සෙසු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වන තරමක වේගවත් සුළං තත්ත්වයක් වර්ධනය විය හැක.​ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු බහුල විය හැකි බැවින්, ඉන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීන් ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *