දිවයිනේ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත් ඇතුළුව බදුල්ල, කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරු කාලයේදී ප්‍රබල අකුණු සමඟ මිශ්‍ර වූ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෙම තත්ත්වයත් සමඟ අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින් කාලගුණික විපර්යාසයන් පිළිබඳව විමසිලිමත් වන ලෙස දන්වා සිටියි.​විශේෂයෙන් අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු සහ හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී. එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටීම සහ විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වීම ඇතුළු පූර්ව සූදානම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,124

Leave A Reply

Your email address will not be published. Required fields are marked *