දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00 න් පසු කාලගුණයේ වෙනස්වීම් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැක.​මෙම ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු උවදුරු වලින් ආරක්ෂා වන ලෙස බලධාරීන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතීමට ද ඉඩ ඇත.

What's your reaction?

Related Posts

1 of 1,363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *