දිවයිනේ ප්රදේශ කිහිපයකට අද දිනයේ වැසි හෝ ගගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ. වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් පවතී.මධ්යම, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්රික්කවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇදහැලීමේ ප්රවණතාවක් ද පවතී.ගගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.



























