හෙට දින රජයේ සියලුම විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක්

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින උග්‍ර ගැටලු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් හෙට (30) දිනයේ රජයේ සියලුම විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) පවසයි.​විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය, පවතින කාර්ය මණ්ඩලය මත අධික වැඩභාරයක් පැටවීම, ප්‍රමාණවත් නොවන සම්පත් සහ භෞතික පහසුකම් නොමැතිකම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන බව එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉල්ලංගසිංහ මහතා සඳහන් කළේය.​මෙම වැඩ වර්ජනයට සමගාමීව හෙට දිනයේ විරෝධතා පාගමනක් ද සංවිධානය කර ඇති අතර, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණදී ඇති අභියෝග කෙරෙහි බලධාරීන්ගේ සහ මහජනතාවගේ අවධානය යොමුකිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,401

Leave A Reply

Your email address will not be published. Required fields are marked *