අද (12) පස්වරු 1.00න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එසේම, උදෑසන කාලයේදී අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
























