අද (15) දින පස්වරු 1.00න් පසු දිවයිනේ බොහෝ ප්රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්යම සහ උතුරු-මැද පළාත්වලත්, ත්රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති වීමට ද වැඩි ඉඩකඩක් පවතී. මීට අමතරව, බස්නාහිර පළාතේ වෙරළබඩ ප්රදේශවලත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් උදෑසන කාලයේදී ස්වල්ප වශයෙන් වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.



























