දිස්ත්‍රික්ක 9 කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක නවයකට අයත් ප්‍රදේශ රැසකට පළමු සහ දෙවන මට්ටමේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRI) පියවර ගෙන තිබේ. ඒ අනුව නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාවට වැඩි අවධානයකින් පසුවන ලෙස උපදෙස් දී ඇත.​දෙවන මට්ටමේ (Level 2) නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙරණියගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දන්හාහින්න, වළපනේ, අම්බගමුව කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ය. මෙම ප්‍රදේශවල පස්කන්ඩා කඩාවැටීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින් විමසිලිමත් වන ලෙස දැනුම්දෙයි.​මීට අමතරව පළමු මට්ටමේ (Level 1) අනතුරු ඇඟවීම් නුවරඑළිය, මහනුවර, බදුල්ල, කොළඹ, කෑගල්ල, ගාල්ල, කළුතර, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර ඇත. නායයෑමේ පූර්ව ලක්ෂණ දක්නට ලැබේ නම් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,415

Leave A Reply

Your email address will not be published. Required fields are marked *