දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.​පස්වරු 2.00 න් පසු ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.​උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද පැයට කිලෝමීටර 30ත් 40ත් අතරක ප්‍රදේශවල තරමක තද සුළං බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං වලින් ආරක්ෂා වන ලෙස ජනතාවට වැඩිදුරටත් අවධාරණය කර සිටී.

What's your reaction?

Related Posts

1 of 1,288

Leave A Reply

Your email address will not be published. Required fields are marked *