දෙසැම්බර් 01 සිට පාසල් අභ්‍යාස පොත් මිල 18% කින් අඩු කෙරේ

2027 අයවැය මගින් ලබාදුන් බදු සහනයට සමගාමීව එළඹෙන දෙසැම්බර් 01 වැනිදා සිට පාසල් අභ්‍යාස පොත්වල මිල 18% කින් අඩු කිරීමට ජාතික පොත් ව්‍යාපාරිකයන්ගේ සංගමය තීරණය කර ඇත.​ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය යෝජනා ඉදිරිපත් කරමින් අභ්‍යාස පොත්, මුද්‍රිත පොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ සහ ළමා චිත්‍ර පොත් ඇතුළු ප්‍රකාශන සඳහා පනවා තිබූ 18% ක වැට් (VAT) බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය. අධ්‍යාපනික උපකරණ දැරිය හැකි මිලකට ලබාදීම සහ කියවීම ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් පොත් ප්‍රකාශකයින් මෙන්ම දෙමාපියන් ද සිය ප්‍රසාදය පළ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,430

Leave A Reply

Your email address will not be published. Required fields are marked *