”දෙහිබාලේ මල්ලි” ඇතුළු සිව් දෙනෙකු විදෙස් රටකදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ”දෙහිබාලේ මල්ලි” නැමැත්තා ඇතුළු සිව් දෙනෙකු මැදපෙරදිග සිට යුරෝපයට පලා යාමට උත්සාහ කිරීමේදී විදෙස් රටක ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම මේ දක්වා මෙරට ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාර්තා වේ.​මෙරටින් පලා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් දකුණු පළාත තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා ඇති බවට මෙම සැකකරුට චෝදනා එල්ල වී ඇත. මීට අමතරව ඔහුට විරුද්ධව බරපතල මනුෂ්‍ය ඝාතන චෝදනාද පවතී.​ඩුබායි රාජ්‍යයේ සිට පසුව යුරෝපයේ රටකට පලාගොස් සිටියදී එරට බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,421

Leave A Reply

Your email address will not be published. Required fields are marked *