දෙහිවල, සිරිසඟබෝ මාවත ප්රදේශයේ නිවසක් ඉලක්ක කර ගනිමින් පසුගිය 11 වැනි දින අලුයම සිදු වූ අත්බෝම්බ ප්රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම අවාසනාවන්ත ප්රහාරයෙන් බරපතල තුවාල ලැබූ 55 හැවිරිදි පියා සහ වයස අවුරුදු 11 හා 17 වන ඔහුගේ පිරිමි දරුවන් දෙදෙනා කලුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරමින් පවතින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.



























