හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී විභාග වන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 17 වන දින දක්වා කල් තබා ඇත.කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ අද (14) මෙම නඩුව කැඳවනු ලැබීය.2012 වසරේදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දී රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති මෙම නඩුව සම්බන්ධයෙන් මෙහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගත් අතර, විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න විමසීමද සිදු කරන ලදී.



























