ශ්‍රී ලංකාවට දිනපතා අවශ්‍ය වන කිරි ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ සියයට 43ක් පමණක් බවත්, රටේ වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 410 සිට මිලියන 1,200 දක්වා ඉහළ නැංවීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.මීට අමතරව, අනාගතය සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ ගවයන් සහ මී හරක් බෝ කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස නිකවැරටිය ගොවිපළ සංවර්ධනය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇති අතර, නිකවැරටිය අභිජනන ගොවිපළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තවත් වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාත්මක වෙමින් පවතී.දේශීය කිරි වගාකරුවන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට සහ ඔවුන් මෙම ක්ෂේත්‍රයට දිරිගැන්වීමට රජය පියවර ගෙන ඇති බව අවධාරළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, දිවයින පුරා ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කිරීම, නවීන තාක්ෂණයෙන් සතුන් බෝ කරන ගොවිපළවල් නවීකරණය කිරීම සහ ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම වැනි ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.























