ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වන CNN, MS NOW සහ Politico යන ආයතනවලට ධවල මන්දිරයට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. සිය පාලනය සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ආයතන අසත්‍ය වාර්තා ප්‍රචාරය කරන බවට චෝදනා කරමින් ඔහු විසින් මෙම තීරණය ගෙන ඇත.ජනාධිපතිවරයාගේ මෙම පියවර දැඩි විවේචනයට ලක්ව ඇති අතර, මාධ්‍ය නිදහසට එල්ල වූ ප්‍රහාරයක් ලෙස CNN නාලිකාව එය හෙළා දැක තිබේ. ඉදිරියේදී මෙම තහනමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද ඉඩ ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි.



























