ගාල්ල – උඩුගම මාර්ගයේ මකුළුව හන්දිය ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රී කාලයේදී අවාසනාවන්ත ඛේදවාචකයක් සිදුව තිබේ. ධාවනය වෙමින් තිබූ බස් රථයක ඉදිරිපස දොරටුවෙන් බිමට ඇද වැටීම හේතුවෙන් 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහුව වහාම කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්ත ද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අවසන් හුස්ම හෙළා තිබේ.මෙලෙස අකාලයේ දිවියෙන් සමුගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි තරුණයෙකි. මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු ගාල්ල වරාය පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

























