දකුණු අන්දමන් මුහුද ආශ්රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේදී ‘පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෙම තත්ත්වය හමුවේ ඉන්දියාවේ ආන්ධ්ර ප්රදේශ් වෙරළ තීරය දෙසට එම පද්ධතිය ගමන් කිරීමට වැඩි ඉඩකඩක් පවතී.මේ හේතුවෙන් අදාළ මුහුදු ප්රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු තීරයන් විටින් විට ඉතා රළු විය හැකිය. එබැවින් ඉදිරි දින කිහිපය තුළදී එම ප්රදේශවල නාවික හා ධීවර කටයුතුවලින් බැහැර වන ලෙස කාලගුණ අංශ දැනුම් දෙයි.විශේෂයෙන්ම උතුරු අක්ෂාංශ 10-15ත්, නැගෙනහිර දේශාංශ 80-90ත් අතර සීමාවේ දැනට නිරතව සිටින බහුදින ධීවර යාත්රා වහාම ආරක්ෂිත ප්රදේශ වෙත ගමන් කළ යුතු බවට හදිසි නිවේදනයක් නිකුත් කරමින් උපදෙස් දී තිබේ.



























