ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන නව ධීවර නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ විශේෂ උත්සවය අද (19) දින පැවැත්වේ. මෙමඟින් ධීවර ක්ෂේත්‍රයේ සේවය තවදුරටත් පුළුල් කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.මෙම උත්සවය කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත අතර, මේ සඳහා අදාළ අංශවල උසස් නිලධාරීන් රැසක් එක්වීමට නියමිතව ඇත.ඒ සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන් සහභාගී වීමට නියමිතව තිබේ.



























