නාගරික ගංවතුර තත්ත්වයන් පාලනය කිරීම සහ වැසි ජලය ක්‍රමවත්ව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් 2027 අයවැය මගින් රුපියල් මිලියන 10,900ක මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.මෙම සමස්ත මුදලින් රුපියල් මිලියන 3,200ක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රධාන ඇළ මාර්ග පිළිසකර කිරීම ඇතුළු පරිසර පද්ධති සංවර්ධනය සඳහා යොදවන අතර, ඉතිරි රුපියල් මිලියන 7,700 සමස්ත වැසි ජල කළමනාකරණ ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කර ඇත.කොලොන්නාව, වත්තල, කැලණිය, පිළියන්දල, කැස්බෑව ඇතුළු කොළඹ අවට ඇළ මාර්ග සංවර්ධනයට අමතරව ගම්පහ, රත්නපුර, කළුතර, දික්වැල්ල, බේරුවල, රත්ගම, මන්නාරම සහ මඩකලපුව/අම්පාර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම ගංවතුර වැළැක්වීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.



























