ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ විමර්ශන හමුවේ ඇප ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (06) බන්ධනාගාර නිලධාරීන් විසින් නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී. පසුගිය 03 වනදා මෙම සිදුවීමට අදාළව ඔහුට ඇප හිමි වුවද, ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් යානා ලබාගැනීමේ සිදුවීමට අදාළ නඩුව හේතුවෙන් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ.එයාර්බස් ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා 24ක් යටතේ නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇත. මෙම නඩුවට අදාළව ලබන 19 වනදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය 28 වනදා අධිකරණය නියෝග කර තිබුණි.මේ අතර, ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය ද අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටීමෙන් අනතුරුව අද දින අධිකරණය හමුවට රැගෙන එනු ලැබුවාය.

























