නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ෆේස්බුක් සටහනක් තබයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඊයේ (04) උදෑසන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට ගිය අවස්ථාවේදීම මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.​තම රක්ෂිත බන්ධනාගාරගත වීම සම්බන්ධයෙන් නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, තමාට එරෙහිව යම් සාක්ෂියක් ඇත්නම් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයකට මුහුණ දීමට තමා නිරන්තරයෙන් සූදානම් බවයි. නීතියට මුවා වෙමින් දේශපාලන පළිගැනීම් සිදු නොවිය යුතු බව අවධාරණය කරන ඔහු, රජයේ වසර දෙකක සංවත්සරය යෙදී ඇති මොහොතක මෙම සිදුවීම වීම අහම්බයක් ලෙස නොසැලකිය හැකි බවද පෙන්වා දී තිබේ.​තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ තමාට සැඟවීමට හෝ බිය වීමට කිසිදු කාරණයක් නොමැති බවය. තමා නියෝජනය කරන ජනතාව වෙනුවෙන් මෙන්ම තමා විශ්වාස කළ නිවැරදි ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිමින්, මතු වන ඕනෑම අභියෝගයකට නොබියව මුහුණ දෙන බවද මන්ත්‍රීවරයා සිය සටහනින් වැඩිදුරටත් කියා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,316

Leave A Reply

Your email address will not be published. Required fields are marked *