නාමල් සහ ජානකී නොවැම්බර් 06 දක්වා යළි රිමාන්ඩ්

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ විමර්ශන හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.​ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය එළඹෙන නොවැම්බර් මස 06 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.​මෙම නඩුව අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ නියෝගය ලබා දීමට පියවර ගැනිණි.​විමර්ශන අංශ විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම රක්ෂිත බන්ධනාගාර නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,392

Leave A Reply

Your email address will not be published. Required fields are marked *