නාරාහේන්පිට දුම්රිය ස්ථානය නව මුහුණුවරකින් විවෘත වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නවීකරණය කරන ලද නාරාහේන්පිට දුම්රිය ස්ථානය පසුගියදා නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබෙන්නේ “Clean SriLanka” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන “Dream Destination” තිරසර ව්‍යාපෘතියේ එක් පියවරක් වශයෙනි.​මුළු ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 40 ක පිරිවැයක් වැය කර ඇති අතර, එහි මූල්‍ය හා ඉදිකිරීම් දායකත්වය පෞද්ගලික අංශයේ ප්‍රමුඛ සමාගමක් වන මාගා (MAGA) ඉංජිනේරු ආයතනය විසින් දරනු ලැබ තිබෙනවා. ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ මෙම වැඩපිළිවෙළ හරහා දුම්රිය ස්ථානයේ යටිතල පහසුකම් රැසක් කෙටි කලක් තුළ නවීකරණය කිරීමට හැකි විය.​මේ යටතේ මගීන් වෙනුවෙන් නව ගුවන් පාලමක් ඉදිකිරීම, දෙවන වේදිකාව දිගු කිරීම සහ නව ආසන සවි කිරීම වැනි පහසුකම් රැසක් එක් කර තිබෙනවා. මීට අමතරව, සමස්ත විදුලි හා සනීපාරක්ෂක පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, වර්ණාලේප කිරීම, නිල නිවාස අලුත්වැඩියාව මෙන්ම දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගය කාපට් අතුරා සකස් කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

What's your reaction?

Related Posts

1 of 1,224

Leave A Reply

Your email address will not be published. Required fields are marked *