නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

​බෞද්ධ ඉතිහාසයේ වැදගත් සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් දිවයින පුරා පිහිටි විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දුන් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.​බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව මතුවූ විනය විරෝධී ගැටලු විසඳමින් ශාසන චිරස්ථිතිය උදෙසා ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන ලද්දේ මෙවැනි පොහෝ දිනකදීය. ඊට පෙර, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ රහත් භාවයට පත්වීම මෙන්ම, විනය කර්ම හේතුවෙන් පළමුව වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලාට පසුවස් සමාදන් වීමට අවසර ලැබීමද අද වැනි දිනක සිදුවූ සුවිශේෂී කරුණු වේ.​එමෙන්ම, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව ප්‍රථම වතාවට උරුවෙල් දනව්වේ සේනානිගමට වැඩම කරවීමද නිකිණි පුන් පොහොය දිනක සිදුවූ බව ශාසනික මූලාශ්‍රවල සඳහන් වේ. මේ හරහා බෞද්ධ ඉතිහාසය තුළ නිකිණි පොහොයට හිමිවන්නේ ඉතා වැදගත් හා අද්විතීය ස්ථානයකි.

What's your reaction?

Related Posts

1 of 1,303

Leave A Reply

Your email address will not be published. Required fields are marked *