නේපාල ගංවතුරින් මියගිය පිරිසකගේ සිරුරු ඉන්දියාවේ ගංගාවලින් මතුවෙයි

නේපාලයට දැඩි ලෙස බලපෑ විනාශකාරී ගංවතුර තත්ත්වය හමුවේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු ඉන්දියාවේ ගංගාවල පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ. නේපාලයේ දකුණුදිග චිට්වාන් ප්‍රදේශයට මායිම්ව පිහිටි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මහාරාජ්ගන්ජ් සහ කුෂිනගර් දිස්ත්‍රික්ක හරහා ගලා යන ජල මාර්ගවලින් මෙම සිරුරු හමුවී ඇති බව එරට බලධාරීන් විසින් තහවුරු කරනු ලැබ ඇත.​නේපාල ප්‍රදේශවල හටගත් හදිසි ජලගැලීම් තත්ත්වය හේතුවෙන් මෙම මළ සිරුරු අසල්වැසි ඉන්දියාව දෙසට ගසාගෙන එන්නට ඇති බව මහාරාජ්ගන්ජ් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ගෞරව් සිං සොගර්වාල් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. ඒ අනුව, බ්‍රහස්පතින්දා දිනයේදී මහාරාජ්ගන්ජ් ප්‍රදේශයෙන් හඳුනානොගත් සිරුරු 4ක් සොයාගත් අතර, එයට කිලෝමීටර් 70 ක පමණ පහළ ප්‍රදේශයක පිහිටි කුෂිනගර් දිස්ත්‍රික්කයෙන් තවත් සිරුරු 3ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත.​මෙම ව්‍යසනය හේතුවෙන් දැනට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 584 ක් වන අතර, නේපාලය සහ ටිබෙට් ප්‍රදේශ පුරා තවත් පුද්ගලයින් 2,400 කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත්, ඉන්දියාවෙන් හමුවී ඇති මෙම මළ සිරුරු හත තවමත් නිල මරණ සංඛ්‍යාලේඛනවලට එකතු කර නොමැති අතර, ඒවායේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 928

Leave A Reply

Your email address will not be published. Required fields are marked *