නේපාල ගංවතුරෙන් ශ්‍රී ලාංකිකයින්ට හානියක් නැත

නේපාලයේ මධ්‍යම කලාපයට අයත් ගෝර්කා දිස්ත්‍රික්කයේ අද (11) අලුයම හටගත් දැඩි ගංවතුර තත්ත්වය හමුවේ එහි වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙතෙක් අනතුරක් සිදුව නොමැති බව විදේශ රැකියා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. ගෝර්කා ප්‍රදේශය තුළ හටගත් මෙම ආපදා තත්ත්වයත් සමඟ පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති අතර, ප්‍රදේශයේ මාර්ග, නිවාස සහ පාලම් රාශියක් ද ජලයෙන් යටවී දැඩි ලෙස විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.​මෙම ව්‍යසනකාරී පසුබිම සැලකිල්ලට ගනිමින්, කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නේපාලයේ ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බලමින් සිටී. විශේෂයෙන්ම ආපදා තත්ත්වයට මුහුණ පා සිටින අදාළ ප්‍රදේශ වෙත ගමන් කිරීමෙන් වළකින ලෙසට ද තානාපති කාර්යාලය විසින් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය අවවාදාත්මක දැනුම්දීම් මේ වන විටත් නිකුත් කර තිබේ.​අදාළ ප්‍රදේශයේ වර්ධනය වන නවතම කාලගුණික සහ ගමනාගමන තත්ත්වයන් පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රජාවට නිරන්තරයෙන් තොරතුරු ලබාදීමට තානාපති කාර්යාලය ක්‍රියා කරයි. ඉදිරියේදී ද ප්‍රදේශයේ තත්ත්වය දැඩි ලෙස නිරීක්ෂණය කරමින් අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,373

Leave A Reply

Your email address will not be published. Required fields are marked *