විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, නේපාලයට දැඩි ලෙස බලපෑ හදිසි ගංවතුර තත්ත්වයන් සහ නායයෑම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 788 දක්වා ඉහළ ගොස් තිබේ.මෙම ස්වාභාවික ව්‍යසනයෙන් විපතට පත් තවත් පුද්ගලයින් 2,500කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව ඇති බවත්, ඔවුන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් වාර්තා වේ.


























