පළාත් 6කට තද වැසි සහ අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්

දිවයිනේ පළාත් කිහිපයකට සවස හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.​බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු යන පළාත් සඳහා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන අතර, වැසි සමඟ තාවකාලිකව තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකිය.​එබැවින් අකුණු මගින් සිදුවන අනතුරු හා හානි අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,377

Leave A Reply

Your email address will not be published. Required fields are marked *