පළාත් කිහිපයකට වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්

දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු-මැද පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට මෙම කාලගුණ තත්ත්වය බලපෑ හැකිය.​ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වීමේ ඉඩකඩක්ද පවතී. ස්වභාවික විපත්වලින් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.​අකුණු අනතුරු මඟහරවා ගැනීම සඳහා විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටීම සහ විදුලි උපකරණ පරිහරණයේදී සැලකිලිමත් වීම වැදගත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,362

Leave A Reply

Your email address will not be published. Required fields are marked *