බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (12) දිනයේ වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව, වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාවක් පවතියි.කෙසේ වෙතත්, උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක. මෙහිදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සහ තාවකාලික තද සුළංවලින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.


























