පළාත් රැසකට විටින් විට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඉදිරියේදී විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව, වයඹ පළාතට වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි අතර, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැටීමේ හැකියාවක් පවතී. කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල බොහෝදුරට වියළි කාලගුණයක් පවතිනු ඇත.​මේ දිනවල මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 30ත් 40ත් අතර ප්‍රදේශයේ තරමක තද සුළං ඇති වීමේ සම්භාවිතාවක් පවතී.​ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,293

Leave A Reply

Your email address will not be published. Required fields are marked *