බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි පතිත විය හැක. මීට අමතරව, ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ද සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර ප්‍රබල සුළං ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත. ගිගුරුම් සහිත වැසි සමඟ මතුවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු උවදුරු වලින් ආරක්ෂා වන ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් සිදු කෙරේ. සෙසු ප්‍රදේශවල සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් දැකගත හැකිය.මේ අතර, සූර්යයා දකුණට ගමන් කිරීමේ වාර්ෂික සංසිද්ධියත් සමඟ, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා කාලය තුළ හිරු ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශ මතින් සෘජුව පිහිටයි. ඒ අනුව අද දහවල් 12:11 ට කොක්කුවිල්, නල්ලූර්, කොඩිකාමම් සහ නගර් කෝවිල් යන ප්‍රදේශවලට හිරු මුදුන් වීමට නියමිත බව කාලගුණ අංශ තහවුරු කරයි.



























