දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මෙයින් බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇද හැලීමේ හැකියාවක් පවතී.වැසි තත්ත්වයට අමතරව දිවයින පුරා සැලකිය යුතු සුළඟේ වේගයක් ද අපේක්ෂා කෙරේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද පළාත් සහ හම්බන්තොට, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර අගයක් දක්වා වැඩි විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර ප්‍රවේගයකින් තරමක තද සුළං හැමිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව හටගන්නා තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.



























