ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. අද (16) පෙරවරු 11.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව දක්වා තිබේ.​ඒ අනුව සබරගමුව, මධ්‍යම, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වලට මෙන්ම මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව්, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැක. වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං තත්ත්වයක්ද අපේක්ෂා කළ හැක.​අකුණු අනතුරුවලින් සිදුවන හානි අවම කරගැනීම සඳහා ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එළිමහනේ රැඳී සිටීමෙන් වළකින ලෙසත්, ආරක්ෂිත ගොඩනැගිල්ලක් තුළ රැඳී සිටින ලෙසත් ජනතාවට උපදෙස් දෙනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,381

Leave A Reply

Your email address will not be published. Required fields are marked *