පැනමාවට බලපෑ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු ප්‍රදේශ රැසක ගොඩනැගිලිවලට හානි සිදුව ඇති අතර තවත් පසුකම්පන කිහිපයක් ද වාර්තා වී ඇත. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, මෙම කම්පනය පිටලෝසා අරිබා ප්‍රදේශයට නිරිත දෙසින් හටගෙන තිබේ.භූමිකම්පාවේ ප්‍රබලත්වය හේතුවෙන් පැනමා නගරයේ ගොඩනැගිලි සෙලවී ඇති අතර, ජනතාව බියට පත්ව ආරක්ෂිත ස්ථාන වෙත ගොස් ඇත. එසේම, පෙනොනෝමේ ප්‍රදේශයේ ඓතිහාසික ස්ථාන සහ ගොඩනැගිලි කිහිපයකට ද හානි සිදුව ඇති අතර විදුලි සැපයුමටද බාධා මතුවිය.පැනමා ඇළේ මෙහෙයුම් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන අතර ගුවන් තොටුපළ මෙහෙයුම් ද මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත. මුල් වාර්තා අනුව මරණ කිසිවක් වාර්තා වී නොමැති අතර, තුවාල ලැබූවන් පරීක්ෂා කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරේ.


























