ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහයට ජනාධිපතිවරයා අවසන් ගෞරව දක්වයි

කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන හා ගායන ශිල්පි ප්‍රියංකර පෙරේරා මහතා මිය යන විට 64 වන වියෙහි පසුවිය. ප්‍රවීණ ගායන ශිල්පි මියගිය ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන ඒ මහතා, පියාගේ ගීත ජනප්‍රිය කිරීමට පුරෝගාමී වූ අතර, ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි ඒකනායක මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයාද වේ. චිත්‍රපට 25කට අධික ප්‍රමාණයකට සහ ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබා දී ඇති ඔහු කලා ක්ෂේත්‍රය තුළ පුළුල් ජනප්‍රියත්වයක් දිනා සිටියේය.ඒ මහතාගේ අභාවය පිළිබඳ පුවත සැලවීමත් සමඟ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් බොරැල්ල ජයරත්න මල්ශාලාව වෙත ගොස් දේහයට අවසන් ගෞරව පුද කළහ.මියගිය කලාකරුවාගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර, ඒ සඳහා අවසන් ගෞරව දැක්වීමට බොහෝ පිරිසක් එක්වෙමින් සිටිති. ඒ අනුව, ඒ මහතාගේ අවසන් කටයුතු අද දිනයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,313

Leave A Reply

Your email address will not be published. Required fields are marked *