පාකිස්තාන සාම මෙහෙයුම ට්‍රම්ප්ගෙන් හදිසියේ අවලංගු වෙයි

මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ පාකිස්තාන සංචාරය වහාම අවලංගු කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය විශේෂ නියෝජිතයින් වන ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් හට උපදෙස් දී තිබේ. ඊයේ (25) දින ක්‍රියාත්මක වීමට තිබූ මෙම සංචාරය නතර කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේ, කිසිදු පලදායී එකඟතාවයකට පැමිණිය නොහැකි සාකච්ඡා වටයක් වෙනුවෙන් පැය 18ක දීර්ඝ ගුවන් ගමනක නිරත වීම අනවශ්‍ය බව පවසමිනි.​මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පසුගියදා පාකිස්තානයේ කළ සංචාරයයි. එහිදී ඉරාන බලධාරීන් අවධාරණය කර ඇත්තේ අමෙරිකාව සමඟ කිසිදු ආකාරයක සාකච්ඡා වටයකට තම පාර්ශ්වය සූදානම් නොමැති බවයි. එම ඉරාන නියෝජිත පිරිස පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හමු වී ඊයේ (25) දින එරටින් පිටත්ව ගොස් ඇත.​ඉරානයේ දැඩි ස්ථාවරය හමුවේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සාර්ථක වීමේ ඉඩකඩ අහුරා ඇති බැවින්, ට්‍රම්ප් පරිපාලනය සිය නියෝජිතයින් පිටත් කර හැරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මැදපෙරදිග කලාපීය ගැටුම් නිරාකරණය සඳහා පාකිස්තානය මැදිහත්කරුවෙකු ලෙස යොදාගැනීමට ගත් උත්සාහය තාවකාලිකව අත්හැර දමා තිබේ.

What's your reaction?

Related Posts

1 of 734

Leave A Reply

Your email address will not be published. Required fields are marked *