අද (25) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එහි මූලික කාලය මන්ත්‍රී ප්‍රශ්න සහ ස්ථාවර නියෝග යටතේ වන කටයුතු සඳහා වෙන් කර තිබේ. ඒ අනුව පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න විමසීමටත් කාලය වෙන් කර ඇත.මෙම දින කටයුතුවල ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙනි. එම පනත් කෙටුම්පත් දෙකෙහි දෙවන වර කියවීමේ විවාදය ඊයේ දිනයට අමතරව අද දිනයේත් (දෙවැනි දිනට) පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා අඛණ්ඩව පැවැත්වීමට නියමිතව තිබේ.මෙම විවාදය හරහා රටේ පවතින ව්‍යවස්ථාපිත හා අධිකරණමය සංශෝධන පිළිබඳ තීරණාත්මක සාකච්ඡා සිදුකිරීමට නියමිත අතර, අද දින පාර්ලිමේන්තු සැසිවාරය පුරා ම මන්ත්‍රීවරුන්ගේ සක්‍රීය සහභාගීත්වය අපේක්ෂා කෙරේ.



























